Colombo Today Local News

ගිනි ගත් නෞකාවේ වෙරළට ආ සුන්බුන් එකතු කළ 8ක් ලොරියක් සමග පොලීසියට කොටු

සංචරණ සීමා උල්ලංඝණය කරමින්, MV X-Press Pearl නෞකාවේ සුන්බුන් එකතු කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දුන්ගල්පිටිය, පමුණුගම හා කොච්චිකඩේ යන පොලිස් ස්ථාන මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සමග ලොරියක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය 20 වැනිදා MV X-Press Pearl නෞකාවේ ගින්න හටගෙන තිබුණේ, කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ය.

එදා සිට මේ දක්වා නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පසුගිය 24 වැනිදා හෙළි වී තිබුණේ, නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි.

මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් සහ තවත් ද්‍රව්‍ය කොටස් මේ මීගමුව සහ අවට වෙරළට ගසා ගෙනවිත් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

එහි සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ, අදාළ බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය අඩංගු විය හැකි බවයි.

ඒ හේතුවෙන් එම ද්‍රව්‍ය ආසන්නයට යාම, ස්පර්ශ කිරීම වැනි කටයුතුවලින් වළකින්නැයි ඇය ජනතාවට අවධාරණය කළාය.

Related posts

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

colombotoday

මන්ත්‍රී සැප වාහනවලට තවත් කෝටි දෙසීයක් වෙන්කරයි !

colombotoday

කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

colombotoday

විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්

colombotoday