ArticlesColombo Today Local News

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ Lanka e News මඩ අඩවියට බොදු බලෙන් පිළිතුරු

සඳරුවන් සේනාධීර නැමති මානසික රෝගියෙකු විසින් පවත්වාගෙන යන E News නැමති මඩ වෙබ් අඩවියක “පාස්කු ප්‍රහාරය යට ගැසීමට නාලාගිරියාට රා පෙවීමේ රහස් කතාව..!” මැයෙන් රසල් හේවාවසම් නැමති තක්කඩියෙකු විසින් බොදු බල සේනා සංවිධානයට ප්‍රශ්න කිහිපයක් යොමු කර ඇත.

අසූචි වලවල්වල ලගින මෙවැනි තක්කඩින්ට අපි පිළිතුරු ලබා නොදෙන නමුත් ගොබෙල්ස් න්‍යායට අනුව මාතෘභූමියට හතුරු බලවේග අසත්‍ය සමාජ ගත කිරීම වැලැක්වීම සඳහා මෙම අදහස් දැක්වීම සිදුකරනු ලබයි.

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියාගේ ප්‍රශ්න අංක 01.

“පාස්කු ප්‍රහාරය පිලිබඳව යුක්තිය ඉටු කර ගැනීමේ දී හෝ ඊට අදාලව බලපෑම් කිරීමට හෝ පෙර මහා නාහිමි වරුන් ගෙන් හෝ ඥානසාර වැනි චීවර ධාරීන් ගෙන් හෝ අනුමැතිය හෝ අනුශාසනා හෝ උපදෙස් හෝ ලබා ගතයුතු බවට නියෝගයක් ලබා දී තිබේ ද? එසේ නම්, ඒ නියෝගය හෝ උපදේශය ලබා දුන්නේ කවුද? උසාවියට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් ලබා සිටි ඥානසාර නිදහස ලැබුවේ අභියාචනා නඩුවක තීන්දුවකින් නොව ජනාධිපති සමාවකිනි. එවැනි චෝදනා ලද්දෙකුට අපරාධ විමර්ශනයක් ගැන අනුශාසනා කරන්නට බලයක්, අනුග්‍රහයක් ලැබුනේ කාගෙන්ද?”

පිළිතුර:
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නිදහස් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වන අතර එය කොන්දේසි විරහිත නිදහස් කිරීමකි. එබැවින් උන්වහන්සේට අනුශාසනා කිරීමට / අදහස් ප්‍රකාශ කිරීමට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැත.

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියාගේ ප්‍රශ්න අංක 02.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වකවානුව තුල බොදු බල සේනාව සහ තව්හීද් ජමාත් වැනි සංවිධාන දෙසතියකට වරක් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඔහු සමග කළ සුවිශේෂී සාකච්ඡා කවරේද? ආරක්ෂක ලේකම් වරයෙකු අන්තවාදී සංවිධාන දෙකක් සමග එකට කතිකා කරන්නට තරම් වැදගත් මාතෘකා වූයේ මොනවාද?
සිංහල මුස්ලිම් ගැටුම් ඇති කිරීමට පෙර ඒවා සිදුකරන ආකාරය ගැන එම සංවිධාන කතිකා කරගත්තාද.?
දේශප්‍රේමී ‘පිරුවට’ පොරවාගෙන ඉස්ලාම් විරෝධයක් ගෙන යන ඥානසාරට අන්තවාදී තව්හීද් ජමාත් සංවිධානය සමග තිබුණු පයුරු පාසානම කුමක්ද ?”

පිළිතුර :
මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියා අනුමාන කරන ආකාරයට කිසිම අවස්ථාවක ආරක්ෂක අමාත්‍යංශයේ හෝ ඉන් පිටත දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝ බොදු බල සේනා සංවිධානයේ කිසිදු තැනැත්තෙක් ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත ක්‍රියාත්මක කිසිම තව්හීද් ජමාත් සංවිධානයක් සමග මුහුණට මුහුණ හෝ දුරකතනයෙන් හෝ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැත.

ප්‍රශ්න අංක දෙක මන්ද මානසික චෝදනාවකි.

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියාගේ ප්‍රශ්න අංක 03.

“කොළඹ, ගාල්ල, මහනුවර ඇතුලු නාගරික ප්‍රදේශ වල බොදු බල සේනා කාර්යාල ඇරඹීමට එවකට ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනුග්‍රහය පලකළේ කවර පදනමක් යටතේද?
ඒ සඳහා බොදු බල සේනා සංවිධානය ඔහු වෙනුවෙන් ඉශ්ඨකරන බවට පොරොන්දු වු ප්‍රතිඋපකාර කවරේද.?”

පිළිතුර :
මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියා අනුමාන කරන ආකාරයට කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත ආරම්භ කරන ලද කිසිදු බොදු බල සේනා කාර්යාලයක් ඇරඹීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුග්‍රහය දක්වා නැත.

වරක් ගාල්ල ප්‍රදේශයේ භික්ෂු පුහුණු ආයතනයක් ආරම්භ කිරීම සනිටුවහන් කල අවස්ථාවේදී එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිටි අතර එම අවස්ථාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද සහබාගි විය. එම ඡායාරුප යොදාගෙන බොදු බල සේනා කාර්යාලයක් විවෘත කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බව සඳහන් කරමින් සඳරුවන් සේනාධීර වැනි මන්ද මානසිකයන් මඩ ගැසීමක් සිදුකරන ලදි.

ප්‍රශ්න අංක තුන ද මන්ද මානසික චෝදනාවකි.

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියාගේ ප්‍රශ්න අංක 04.

“ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුම මගින් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කල සහරාන්ගේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට. අබ්දුල් රාසික්ගේ සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයට, බොදු බලසේනා සංවිධානයට මුදල් ගෙවුයේ ඇයි?
බොදුබල සේනා සංවිධානය එම මුදල් ලබාගත්තේ කුමන වැඩපිලිවෙලකටද.? (මේවා රටේ ජනතාව ගේ මුදල් මිස රාජපක්ෂ පවුලේ බූදලයක් නොවන බැවින් එය දැනගැනීමට ජනතාවට අයිතියක් තිබේ.)”

පිළිතුර :
මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියා අනුමාන කරන ආකාරයට කිසිම අවස්ථාවක බොදු බල සේනා සංවිධානයට ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් හෝ රජයේ වෙනත් ආයතනයකින් හෝ රජයට සම්බන්ද කිසිදු පුද්ගලයෙකු හෝ කිසිදු මුදලක් ලබා දී නොමැත.

ප්‍රශ්න අංක හතර ද මන්ද මානසික චෝදනාවකි.

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියාගේ ප්‍රශ්න අංක 05.
“ගලගොඩඅත්තේ ඥානසාර බුදුදහම පිලිබඳව මුලික අවබෝධයක් නොමැති, අවම වශයෙන් පංච ශීලය හෝ ධම්මපදය පිලිබඳවවත් නොදන්නා පුද්ගලයකු බවට බෞද්ධ සමාජයේම මතයක් තිබේ. එවැනි පුද්ගලයෙකු ඉස්ලාම් අන්තවාදය පිලිබඳව සහ කුරානයේ සඳහන් යැයි කියමින් විකෘති කරන ලද අදහස් පිලිබඳව දැනුවත් වුයේ කෙසේද?
එම අදහස් ලබා දුන් බුද්ධි අංශ නිලධාරීන් කවුද ?
ඒ කුමක් සඳහා ද.? “

පිළිතුර :
මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියා සිතන ආකාරයට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව නොසිතන අතර එවැනි මතයක් ද බෞද්ධ සමාජයේ නැත. කොරෝනා වසංගතය පැමිණීමට පෙර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වසරකට ධර්ම දේශනා 200කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විහාරස්ථානවල පවත්වනු ලබයි. උන්වහන්සේ විසින් දේශිත ධර්මදේශනා අතුරින් බුද්ධානුස්සති ධර්ම දේශනය ජය පිරිත් දේශනය බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය වේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හමාර කර පරිවේනාධිපති ස්වාමින්වහන්සේ නමක් ලෙස පත්වීම් ලැබූ භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ලබාගත හැකි ඉහලම සුදුසුකමක් වන “රාජකීය පණ්ඩිත” නිමවා ඇත.

උන්වහන්සේගෙන් ධර්මය ඇසීමට බලාපොරොත්තු වන්නේනම් දැහැත් වට්ටියක් ද රැගෙන පැමිණෙන ලෙස දන්වන්නට කැමැත්තෙමු.

කුරානයේ සඳහන් වන බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් සිදුකර ඇති එක් හෝ වැරදි ප්‍රකාශයක් තිබේනම් එය ප්‍රකාශ කරන ලෙසත් අප එය කුරානය පෙරලා පෙන්වා දීමට සුදානම් බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි. වසර 15 කට අධික කාලයක් උන්වහන්සේ විසින් පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යන බව ද එහිදී දත්ත එකතුකර විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම සිදුකරනු ලබයි. ඒ සඳහා රටට ආදරේ කරන සම්ප්‍රධායික මුස්ලිම්වරු විශාල සහයෝගයක් ලබා දෙන බවත් මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ මඩ අඩවියේ රසල් හේවාවසම් නැමති තක්කඩියාට දැන්වීමට කැමැත්තෙමු.

බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

ඉල්ලා අස්වීම ජනපතිගේ සමීප නිලධාරියෙකු අතේ. – නියෝගය ලැබුන සැනින් කතානායකට

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලාවට

colombotoday

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මොළය ජීවානුහරණය කරගත් නිලධාරීන් චීන කක්කුසියේ රස බලන්න තවත් රසායනාගාර පරීක්ෂණ කරනවා

colombotoday