Colombo Today Local News

පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් බදුර්දීන්ගේ සහයට එකම වේදිකාවක (Video)

අමාත්‍ය රිෂාද් බදුර්දීන්ගේ මෙහෙයවීමෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කළාපයේ වන රක්ෂිත කිහිපයක සිදුවන මුස්ලිම් ජනපදකරණ වැඩපිළිවෙලට එරෙහිව එල්ලවී තිබෙන චෝදනාවලට පිළිතුරු දීම සදහා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී ඔවුන් සදහන් කරේ දැනට වන රක්ෂිත භූමියක් යැයි හදුන්වන ප්‍රදේශ මීට පෙර මුස්ලිම් ජනතාව පදිංචිවී සිටි ප්‍රදේශ බවයි. යුද්ධය හේතුවෙන් එහි පදිංචිකරුවන් ඉවත්වීම නිසා එම ප්‍රදේශ කැලෑවක් බවට පත්වී ඇති බවත්, එම ජනතාව නැවත පදිංචි කිරීමේදී විවිධ සංවිධාන එහි ආක්‍රමණයක් සිදුකරන බවට චෝදනා එල්ල කරන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කළා.

එම මාධ්‍ය හමුවට රිෂාද් බදුර්දීන්, ඒ.එච්.එම්. ෆවුසි, ඒ.එම්.එල්. හිස්බුල්ලා යන ඇමතිවරු සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන්, අසාද් සාලි ඇතුළු දේශපාලන නායකයන්, පූජකවරුන් සහ මුස්ලිම් සිවිල් සංවිධාන සාමාජිකයන් පිරිසක් සහභාගී වී සිටියා.

[fbvideo link=”https://www.facebook.com/dailyceylon/videos/1310058822387965/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාස්කු ත්‍රස්තයෝ ගෝඨාට සහය දෙන්න මන්නාරමේ රැළියක – Whatsapp කෙප්පයක් අතේ රෝල්…

colombotoday

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

උපදින දරුවන් ප්‍රමාණයටම නූපන් දරුවන් මරා දමන රටක් මේ… දිනකට ගබ්සා 700 – 800ක් !

colombotoday

මධුෂ් උපදින වේලාවේ වින්නඹුකම් කළේ මගේ අම්මා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම ඔහු මගේ යාළුවෙක්‌

colombotoday

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

Admin

මේ රජයට ජාත්‍යන්තර සබඳතා ගැන වියත් දැනුමක් නැහැ

colombotoday