Colombo Today Local News

හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියා ඉල්ලා උද්ඝෝෂණයක

පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් හට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (2) කිලිනොච්චිය ඉරණමඩු පිහිට සිවිල් ආරක්ෂක කඳවුර ඉදිරිපිට පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

රජය විසින් තමන් අත්අඩංගුවටගෙන පුනරුත්ථාපනය කොට සමාජගත කොට වසර ගණනක් ගෙවී ගොස් ඇති බවත් තවමත් පුනරුත්ථාපනය ලැබූ සාමාජිකය හට ස්ථීර රැකියාවක් ලබාදී නොමැති බවත් පැවසීය.

තමන් හට ජීවත්වීම සඳහා ස්වයං රැකියා හෝ කුමණ හෝ රැකියාවක් ලබාදීමට පුනරුත්ථාපනය වූ කාලසීමාව තුළ විවිධ නිලධාරීන් පැමිණ ප‍්‍රතිඥා දුන්නද මේ වනවිට තමන්ට ග‍්‍රාම නිලධාරී සහතික පතක් හෝ ලබාගැනීම අපහසුවී ඇතැයි ද කියති.

රාජ්‍ය හෝ රාජ්‍ය නොවන බැංකු තමන්ට ණය දීම ද ප‍්‍රතික්ෂේප කොට ඇති බවත් ආබාධිතයින් වෙනුවෙන් ලබාදෙන දීමනාවද රජය විසින් කපාහැර දමා ඇතැයිද විරෝධතාකාරුවෝ චෝදනා කළහ.

Related posts

අස්ගිරි අනුනාහිමිගේ ප්‍රකාශය අශිෂ්ඨයි.. වහා භික්ෂූ සංඝායනාවක් ඕනෑ – මංගල කියයි

colombotoday

දේශපාලන කටයුතුවලින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරයෙකු අත්හිටුවයි

Admin

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday

සනත් නිශාන්තට සිතාසි

colombotoday

අලියා පිටින් ෆොන්සේකා පාර්ලිමේන්තු යවන ගැසට් නිවේදනය එයි

colombotoday

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

colombotoday