Colombo Today Local News

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

තමා සතියක කාලයක් සඳහා විදේශගත වන අතර එම කාලය ඇතුළත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුව පෙරළා දැමීමට අවස්ථාවක් ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ 2017 වසර ඇතුළත ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් පසුගිය දා කරන ප්‍රකාශයට ප්‍රතිචාරය පළකරමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2017 වසර ආරම්භයේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයයෙදී මාධ්‍යවේදියකු කළවිට සිනාමුසුව ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, ‘තමා සුමානයකට ස්විස්ටර්ලන්තයට යන අතර එම කාලය ඇතුළත හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ අභිප්‍රාය ඉටුකරගත හැකි’ බව කියාසිටියේය.

‘මම සතියක කාලයකට ස්විස්ටර්ලන්තයට යනවා.ඒ කාලය තුළ මම මහින්දට අවස්ථාවක් දෙනවා ආණ්ඩුව පෙරළන්න’ අගමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, සිය ආණ්ඩුව පෙරළීමට නොහැකි බව අඟවා සිටියේ ‘අවසානයේ දී ආණ්ඩුවත් මේ විධියටම තියේවි, එයත් මහින්ද රාජපක්ෂ වගේම ඉඳීවි’ යනුවෙන් පවසමිනි.

(මුලාශ්‍රය- සංදේශය)

Related posts

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

ඔක්තෝම්බර් 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි අරඹයි

colombotoday

මිලියන ගණනක් ලංකාවට පොලු තැබූ ඉන්දීය සමාගමක් නැවත වැඩ අරඹයි… උතුරු දුම්රිය මගේ ඉතිරියත් ඉන්දියාවට

colombotoday

මුහුදුදෙන් ගෙන ආ මත්පෙති තොගයක් අල්ලයි

Admin

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

colombotoday

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday