Colombo Today Local News

ජී.එම්.ඕ.ඒ මුදල් පරිහරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට සාමාජිකත්ව මුදල් ලෙස වාර්ෂිකව ලැබෙන රුපියල් මිලියන 120ක මුදල් මහ සභාවේ විධිමත් අනුමැතියකින් තොරව සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (26)දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම සංගමයේ මෙවර නිලවරණයේ ලේකම් ධුරයට ඉදිරිපත්ව සිටින වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

සංගමයේ නිලවරණවලදී ප්‍රධාන කාර්යාලයේ සියලු දේපළ අයථා ලෙස භාවිත කරමින්, කූට ලේඛන සකස් කරමින්, හොර ඡන්ද භාවිත කරමින් වත්මන් නිලධාරී මණ්ඩලය වෛද්‍ය වෘත්තියේ ගෞරවය කෙළෙසන ආකාරයෙන් කටයුතු කරන බවට පැමිණිල්ලේ සඳහන් වෙයි. නිලවරණයේද කූට ලේඛන රැසක් ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනද පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. මියගිය සහ විශ්‍රාම ගොස් ඇති මෙන්ම සාමාජිකත්වය නොමැති නිලධාරීන්ටද තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කර ඇති බව අනාවරණය වී ඇති බැවින් මේ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පැමිණිලිකරු ඉල්ලා ඇත.

Related posts

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday