Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සඳහා අද (02) දින තලවකැලේ පොලිසිය වෙත භාර කෙරුණි.

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් ලුසා කොටසේ පදිංචි සැකකරු (32) කොළඹ සිට අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා රැගෙනවිත් ඇති බවට යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමග සැකකරුගේ නිවසට ගොස් පරික්ෂා කිරිමේදී සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලග්‍රැම් 120 ක් සහ කේරල ගංජා මිලිග්‍රැම් 400 ක් සොයා ගත් බව වාර්තාවේ.

Related posts

හිටපු ජනපතිගෙන් හා අගමැතිගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගැනීමට නියෝග

colombotoday

දෙහිවල මුස්ලම් ජාතික පවුලක් පිලිස්සී මිය යයි

colombotoday

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

තවත් ඇමතිවරු පහක් දොට්ට

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් වාරිකය බැංකුවට

Admin

නාවලපිටියේ ඇළ මාර්ගයක 15 හැවිරිදි සිසුවෙකුගේ මළ සිරුරක්. – සිසුවාගේ මරණය වැඩිදුර විමර්ශණයට

colombotoday