Colombo Today Local News

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කොටපොල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහ‍ැළියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ගෙවුණු පැය 24දී ගෑස් අනතුරු 21ක්

colombotoday

විග්නේෂ්වරන් දෙවනි ප්‍රභාකරන් වෙන්න හදනවා.. නීතිය කාටත් එකයි කියා පාරම්බාන අගමැති, ජනපති කෝ

colombotoday

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday

ETCA මගින් ඉන්දියාව ලංකාව අල්ලන හැටි, ටිබෙටයට වූ දේ ඇසින් දුටු ඇමරිකාවේ නාහිමියෝ ලියති

colombotoday

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

රාජගිරිය රිය අනතුර – පාඨලිගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

colombotoday