Colombo Today Local News

හම්බන්තොටට ඇතුළු වූ නැව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසයි

හම්බන්තොට වරායට ඇතුළු වූ විකිරණශීලි රසායනික ද්‍රව්‍ය අඩංගු නෞකාවේ මෙරට නියෝජිතයාගෙන් නිදහසට කරුණු විමසා පරමාණුක බලශක්ති නියාමන සභාව ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.

එම සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේ එම නැව් සමාගමේ මෙරට නියෝජිත ආයතනයට අළුතින් බඳවා ගනු ලැබූ නිලධාරියකුගෙන් අත්වැරැද්දක් සිදු වී ඇති බවට පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ අනුව මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීම සඳහා නව ක්‍රමවේදයන් හඳුන්වා දීමට පරමාණුක බලශක්ති නියාමන සභාව සුදානම් වෙයි.

සාමාන්‍යන් නැව් සමාගමක සේවය කරන නිලධාරීන් අදාල නෞකා තුළ අඩංගු කන්ටේනර් බහලුම් පිළිබඳව නිවැරදි තොරතුරු වරායන් තුළට ඇතුළත් වීමට පෙර ලබා දිය යුතු වුවත් මෙම නැව් සමාගමේ මෙරට නියෝජිතයා විසින් එය වසන්කර ඇති බව පරීක්ෂණවලින් පෙනී යන බව ඔහු පවසයි.

ඒ අනුව එම නැව් සමාගමේ මෙරට නියෝජිත ආයතනයට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා වැඩිදුරටත් පැවසිය.

පසුගිය (20) වැනිදා රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාව නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා විකිරණශීලි රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් රැගෙන යමින් අතරතුර කාර්මික දෝෂයකට ලක්ව හම්බන්තොට වරාය පරිශ්‍රය ඇතුලත්ව තිබුණි.

 ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

කොට උඩ ගිය පාරවල් හදන්න ආසියා බැංකුවෙන් ණයක් ගනී

Admin