Colombo Today Local News

නීති විරෝධී අයුරින්, මන්ත්‍රී චොකා මල්ලිගේ බලතල පාවිච්චි කරන දියණිය.

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණිය ඔහු වෙනුවෙන් නිවිතිගල සම්බන්ධිකරණ කමිටු රැස්වීම පසුගිය දා නියෝජනය කර ඇති බව වාර්තා වෙයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දියණිය වූ සෙනාලි ජයසේකර මෙනවිය මෙම රැස්වීම නියෝජනය කිරීමට ඇති අයිතිය පිළිබඳව මෙහිදී කාගේත් අවධානයකට ලක් විය.

ඇයට වෙන්කර තිබු ස්ථානයේ තිබු අදාල නාම පුවරුවේ සඳහන්ව තිබුණේ “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” යනුවෙනි.

යම් අපරාධයකට සිරගතව සිටින ඇගේ මන්ත්‍රී පියා නියෝජනය කරමින් ඔහුගේ දියණියක් ජාතික මට්ටමේ රැස්වීමක් නියෝජනය රටක කොතරම් දුරට ගැලපෙනවාද යන්න පිළිබඳව නැවත සලකා බැලිය යුතු කරුණකි.

මෙම අවස්ථාවට රජයේ උසස් නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන්,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු,පොලිසිය සහ ආරක්ෂක අංශ නිලධාරින්ද සහභාගී වී තිබුණි.

ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

ජනපතිවරුන්ගේ වෙඩි නොවදින රථ සමගින් කොටින්ගේ නෞකාවක් මහ සයුරේ ගිල්වා දැමුණේ මෙහෙමයි (PHOTOS)

colombotoday

ලැබූ විශිෂ්ඨ ජය සාමකාමිව භුක්ති විදින්න – උදය ගම්මන්පිල ඉල්ලා සිටියි

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin

ශ්‍රී ලාංකික ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදියෙකු නවසිලන්ත පොලීසිය වෙඩිතබා මරා දමයි

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday