Colombo Today Local News

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව අද දිනයේදී ලබාදීමට හැකියාවක් නොමැති බව එම කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

දිස්ත්‍රික්ක කිහිපයක දෙමළ භාෂා පරිවර්ථකයන් පරික්ෂා නොකිරීම ඊට හේතුව බව ඔහු පැවසිය. ඒ සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව ද සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

මේ අතර, මැතිවරණ සීමා නීර්ණය කොමිෂන් සභාවේ වාර්තාව පිළිගැන්වීම පිණිස ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොමිෂන් සභාවේ වාර්තාව පිළියෙල කොට අවසන් බැවින්, අගමැතිවරයා වෙත එය පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කොමිසම ඉල්ලීමක් කර තිබෙන බව අගමැති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොමිසම සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ නායකයන්ටද අවස්ථාවක් ලබාදීම් වස් ඒ සඳහා ඉදිරි සතියේ දිනයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday