World

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (27) දිනය තුළ එරටින් නව කොවිඩ් ආසාදිත මරණ 1,631ක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 100,162ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ පස්වන රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත.

මේ වනවිට අමෙරිකාවෙන් වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඊට අමතරව බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව පිළිවෙලින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් අතර සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ මේ වනවිට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තිස්හය ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

colombotoday

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday