Colombo Today Local News

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැලඳුන සුනඛයෙකුට එල්ල කළ වෙඩි පහරක් ඒ අසල සිටි පුද්ගලයෙකුටත් වැදී තුවාල සිදුව තිබේ.

එම සුනඛයා විසින් මේ වන ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ සපා කා ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව අද (27)දින උදෑසන 10.30ට පමණ ජලභීතිකාව වැලඳුන සුනඛයා දකුණු කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය වහා ක්‍රියාත්මක වී තිබේ.

එහිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් සුනඛයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.

අනතුරුව ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙකුට ද වෙඩි පහර එල්ල වීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

සිදුවීම පිළිබඳ දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

colombotoday

ඇදිරිනීතිය නොතකා මහමග ගී ගයමින් විනෝද වූ මුස්ලිම් ජාතිකයන් හයක් අත්අඩංගුවට…

colombotoday

හදිසියේම කොළඹ නගරයේ ආරක්ෂාව තර කරයි

colombotoday

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday