World

තුවක්කුකරුවන් පාසලකට කඩා වැදී සිසුවියන් 300 ක් පැහැර ගනී

තුවක්කුකරුවන් විසින් නයිජිරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ පාසලකට කඩා වැදී සිසුවියන් සිය ගණනක පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාසලට කඩාවැදී ඇති තුවක්කුකරුවන් විසින් සිසුසිසුවියන් 300ක පමණ පිරිසක් පැහැරගෙන ගොස්ඇති බව එම පාසලේ ගුරුවරයෙකු සඳහන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් නයිජිරියානු රජය විසින් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවද වාර්තා වේ.

පසුගිය සති කිහිපය පුරා කප්පම් ලබාගැනීමේ අරමුණින් ආයුධ සන්නද්ධ පිරිස් විසින් පාසල් සිසුන් පැහැරගෙන යෑමේ සිදුවීම් රැසක් එරටින් වාර්තා වී තිබුණි.

Related posts

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

Admin

ජර්මනියේ වෑන් ප්‍රහාරයක්.. වෑන් රථයක් පදිකයන් මතට කඩා වදී.. පුද්ගල මරණ සහ තුවාල සිදුවීම්

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

colombotoday