මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුවේ පුවත් පෞද්ගලික මාධ්‍ය වෙත ලබා නොදීමට පොලිස්පතිවරයා තීරණය කොට තිබේ.
මීට අමතරව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පෞද්ගලික නාලිකාවලට ආරාධනය නොකිරීමටද පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමට අදාළ සිදුවීම අනවශ්‍ය ප්‍රචාරණයට ලක්වීම මීට හේතුවී ඇති බව වාර්තාවේ.