අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ඇති බව වාර්තා වේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක තිබේ.
එහිදී මහනාහිමියන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යෝජිත ව්‍යවස්ථා සම්පාදන කාර්යය පිළිබද රජයේ අවධානය යොමු කරන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.