Colombo Today Local News

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (22) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි තිරුපති හෙවත් වෙන්කතේශ්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.

තිමාලා තිරුපති දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ක්‍රිෂ්ණමූර්ති සහ විධායක නිලධාරී සඹසිවා රාඕ ඇතුළු පිරිස විසින් ඔවුහු පිළිගනු ලැබූහ.

මේ දෙපළ විනාඩි විස්සක් පමණ ආගමික වතාවත්වල නිරත වූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

රෙනිගුන්ටා ගුවන් තොටුපොළ ඔස්සේ විශේෂ ගුවන් යානයකින් වික්‍රමසිංහ මහතා තිරුපති වෙත ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස අවසන් වරට එහි ගොස් ඇත්තේ 2002 වසරේ දී ය.

Related posts

ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කීවේ ඇයි ? අස්ගිරි අනුනාහිමියෝ පැහැදිලි කරති

colombotoday

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

colombotoday

පක්ෂ නායකයා රනිල්, ජනපති අපේක්ෂකයා සජිත් – එජාප සම්මේලනයේදී සම්මත වෙයි

colombotoday

අධිකරණයෙන් ආයුධ හමුවීමට සැකපිට 20ක් අත්අඩංගුවට !

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday

මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයි

Admin