Colombo Today Local News

පොත් අරගෙන දෙන්න ගෙනගොස් මෝටර් රථයක් තුළදී සිසුවියකට ලිංගික අතවර. ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

දැරියගේ පුංචි අම්මා ලන්ඩන් වල පදිංචිව සිටින බැවින් එම රටට යාමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම ට සඳහා අවශ්‍ය පොත් කීපයක් ලබාගැනීමට අවශ්‍යව තිබූ බැවින් එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා උදව් කරන මුවාවෙන් මෙම දැරියව රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් කොළඹට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි.

සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිමවීමෙන් පසු ගුරුවරයා සමග පොත් මිලදී ගැනීම සඳහා යන බව අංශභාගයෙන් පෙළෙන මවට පවසා ඇතැයි පොලිසිය කියයි.

සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර් රථයේ ඉදිරිපස අසුනේ නංවාගෙන පැමිණ කිඹුලාවල රථගාලේ මෝටර් රථය ගාල් කිරීමෙන් අනතුරුව දැරියව අමතා තිබූ සැකකරු මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මැද තීරුවෙන් පිටුපස අසුනට රැගෙන ගොස් මෙම අතවරය සිදු කර ඇති බව එම සිද්ධිය දුටු ත්‍රිරෝද රථ රියැදුරකු පොලිසියට කළ දැනුම්දීමක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයට අනුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණ වූ බව පොලිසිය පවසයි.

Related posts

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

colombotoday

සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි

colombotoday

ශ්‍රී මුඛ කතාවට සජිත් ප්‍රසිද්ධියේ සමාව ගනී !

colombotoday

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin