Colombo Today Local News

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

මරණීය දණ්ඩනය හිමිවී සිටින සිරකරුවන් 253 දෙනකුගේ දඬුවම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා අද (26)දින ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ඊට අදාළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට යොමුකර ඇති බවය.

එහිදී, “ඒ ඉල්ලීම අපි අධිකරණ ඇමතිතුමාට යොමු කරලා තියෙනවා. මරණ දඬුවම හිමිවී සිටින සිරකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම දෙන්න කියලා අපි ඒ ඉල්ලීම කළා. බන්ධනාගාරගත වන රැඳවියෙක් නැවත සමාජගත කරනකොට සමාජයට වැඩක් කරන්න පුළුවන් යහපත් පුරවැසියෙක් කරලා එළියට දාන්න තමයි අපේ බලාපොරොත්තුව,” යනුවෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජාත්‍යන්තරයෙන් ආධාර ගලනවා.. ආයෝජකයො වැහි වැහැලා.. රටම දැන් වැඩබිමක් – නි ඇමති හර්ෂ

colombotoday

වරෙන්තුව ආපසු කැඳවන්න ඉල්ලා රාජිත දැමු මෝසම ඉවත් කර ගනී.

colombotoday

බුර්කාව – මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කරනවා – ඇමති සරත් වීරසේකර

colombotoday

රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : රිෂාඩ්ගේ මල්ලි නිදහස්වීම ගැන ජනපති තැබූ ෆේස්බුක් සටහන

colombotoday

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday

සංචරණ නීති කඩකළ තවත් 7දෙනෙකු අත්අඩංගුවට

colombotoday