යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම හෙට දිනයේ සිට ඉවත් කරන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ඩබ්.එම්.ඩී. වන්නිනායක මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ හෙට 21 දිනයේ පැවැත්වෙන්නේ ඒ පිළිබදව තීරණාත්මක සාකච්ඡාවක් පමණක් බවයි.
කෙසේ වෙතත් එම නිවේදනයෙන් පැය කිහිපයකට පෙර ඔහු විසින්ම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ මත්ස්‍ය අපනයන තහනම් මේ මස 21 වන දින සිට ඉවත් කිරීමට තීරණය කළ බව යුරෝපා සංගමය දන්වා ඇති බවයි.