රට පුරා ඉස්ලාම් පල්ලිවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා රජයේ වියදමින් CCTV කැමරා සවිකිරීමට පියවර ගන්නැයි ඉල්ලමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර ඇත.
මේ අතර මුස්ලිම් ජනතාවට සිංහල සංවිධානවලින් අසාධාරණයන් සිදුවන බව කියමින් ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් 25 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය. ඉස්ලාම් පල්ලිවලට ආරක්ෂාව ලබා දෙන ලෙස සහ, අදාළ සංවිධානවල ක්‍රියාකාරී හාමුදුරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයිද එමගින් ඉල්ලා තිබිණි.