Colombo Today Local News

කැළණි සිසුන්ට බඩකට පුරා කදුළු ගෑස්.. අධිපීඩන ජල ප්‍රහාර !

protest c63

විරෝධතා පාගමනක නිරත වූ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔවුන් මෙලෙස විරෝධතා පාගමනක නිරත වූයේ රිමාන්ඩ් කර සිටින කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු නිදහස් කරන්නැයි ඉල්ලමිනි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර එය අද (15) මරදාන තාක්ෂණ විද්‍යාල හන්දියෙන් ආරම්භ වූ අතර සිසුන් දහසක පමණ පිරිසක් එයට සහභාගී වී ඇති බව සඳහන්ය.

ඔවුන් පාගමනින් කොළඹ කොටුව දක්වා පැමිණ අනතුරුව ජනපති ලේකම් කාර්යාලයට යාමට නියමිතව තිබූ අතර එම ගමන වැළැක්වීම සඳහා මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත.පොලීසිය විසින් කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් මොවුන් ඊට ඇතුළුවීමට උත්සහ දැරූ බව වාර්තා වෙයි.

Related posts

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

මහින්ද මෛත්‍රී හමුව අද පස්වරු 4න් පසු

colombotoday

මහින්දගේ ගෙදර ගන්න එපා! මාලිමාණ්ඩුවට වෝනිං!!!

Admin

අනුරාධපුර නගරය ගෝනිබිල්ලන්ට තහනම් කළාපයක් වෙයි.. යෝජනාව ඒකමතිකව සම්මතයි…

colombotoday

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

colombotoday

ඩොලරයේ අද මිල

colombotoday