Colombo Today Sports News

කැන්ඩි ටස්කර්ස් ඉවතට විසිවෙද්දී ඉදිරියට යන කණ්ඩායම් මෙන්න.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය.

මේ අතර, ඊයේ (10)දින පැවැති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.

එම ජයත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දළ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කළ ෂහීඩ් අෆ්රීඩි සඳහන් කර තිබුණේ ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාවේ මීළඟ කුමාර් සංගක්කාර විය හැකි බවය.

Related posts

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday