Colombo Today Local News

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

agamathi23මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ වැරදි පොලිසියට බවත් හරි පොලිසිය හම්බන්තොට බැවින් එහි පැමිණිල්ලක් කළහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (15) අරලියගහ මන්දිරයේදී පැවසීය.

නාවික හමුදාපති ආර්.විජේගුණරත්න හම්බන්තොට වරාය සේවක වර්ජනය හේතුවෙන් ඇතිවූ සිද්ධියේ වාර්තාව අගමැතිවරයාට ලබාදීමේ අවස්ථාවේදී එසේ සඳහන් කළේය.

හම්බන්තොට වරායේ නාවික හමුදා කඳවුරක් පිහිටුවන ලෙසද අගමැතිවරයා එහිදී නාවික හමුදාපතිට උපදෙස් දුන්නේය. වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැති කීවේය. මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවද අගමැති කීය.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පසුගිය දෙසැම්බර් 11 වැනිදා ඊමේල් පණිවිඩයක් මගින් දන්වා ඇත්තේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කර සුදුසු පියවර ගන්නා ලෙස තමා නියෝග කළ බවයි.

 

Related posts

එජාපයේ නවීන් ඉල්ලා අස්වෙයි

colombotoday

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස අළු කරයි

colombotoday

ජනාධිපතිවරණයට පෙර කරුණා අම්මාන් ඝාතනය කිරීමට කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කරලා

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin