Colombo Today Local News

මඩ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් පිළිතුරු

kamal232තමා සම්බන්ධයෙන් ඇතැම් වෙබ් මාධ්‍ය වල ප්‍රචාරය කරණ ප්‍රවෘත්ති අසත්‍ය හා පදනම් විරහිත යයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

මේජර් ජෙනරාල්වරයා විසින් කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයකුට තර්ජනය කර පහර දුන් බවට ඇතැම් වෙබ් අඩවි වල පුවත් පලවී තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව ඔහුගෙන් විමසා සිටියදී ඉහත පිළිතුර දුන් හෙතෙම මෙසේ ද කිය, “මම කිසිදිනක දරුවකුට පහර දී නැහැ, මම යුධ හමුදාවේ සිටියදී සොල්දාදුවෙකුට හෝ පහර දී නැහැ, මට ලැබී තිබෙන තොරතුරු නිවරද නම් ඔය කියන දිනයේ මම විදේශගතව යි සිටියේ .”

“මගේ නැණන්ඩියගේ පුතා මෙවර සාමාන්‍ය පෙළට ඔය කියන පාසලෙන් පෙනී සිටිනවා. ඔහුට පාසලේ තවත් ළමුන් පිරිසක් බලෙන් මුදල් ඉල්ලමින් පහරදී තිබෙනවා. ඔහු ගේ දෙමවුපියන් ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියේ පැමිණිලිකොට තිබෙනවා. ඒ හැර මම කාටවත් පහර දුන්නේ නැහැ.”

මෙම සිද්ධිය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් කුරුදුවත්ත පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළේ එකම පාසලක ළමුන් අතර ගැටුමක් ගැන පැමිණිල්ලක් ලැබී ඇති නමුත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

මේ අතර අදාළ පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

එහෙත් එම පාසලේ ආරක්ෂක නිලධාරියකු ප්‍රකාශ කළේ සිද්ධිය වන අවස්ථාවේ ඔහු පාසල තුළ රාජකාරියේ නිරතව සිටි බවත්, පාසල් බිමෙන් පිටත සිසුන් අතර සිදුවීමක් වුවත් බාහිර පුද්ගලයන් හෝ හමුදා නිලධාරින් හෝ කිසිවෙකු ගේ සම්බන්ධතාවක් ඊට නොමැති බවත්ය.

savana.lk

Related posts

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය දුන් ජේලර් මාට්ටු.

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

colombotoday

“දහස් ගණනක් ආයුධ මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ මමයි” – හිස්බුල්ලාගේ රහස් හඩපටයක් පිටවෙයි

colombotoday