Colombo Today Local News

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

ranil-wickramasingheඇතැම් වෙබ් අඩවිවල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා වැලිමඩ ගුරුතලාව ප‍්‍රදේශයේ අද (12) පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් නැතිනම් මාධ්‍යයෙන් කියන දේට යම් පාලනයක් ඇති කරන්න අපිට පුළුවන්. වෙබ් අඩවියෙන් කියන දේට පාලනයක් ඇති කරන්න අපිට බැහැ. සෝෂල් මීඩියා කියන එකට අද ඕන කුණුහරුපයක් කියන්න පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සියලු දෙනාම කැඳවලා ඒ අයට කරුණු පැහැදිළි කරලා දෙන්න ජනාධිපතිතුමා කටයුතු කළා. අපි ඉස්සෙල්ලා බලමු කරුණු කියලා පාලනය කරන්න පුළුවන්ද කියලා. බැරිනම් අපි නීතියෙන් ක්‍රියා කරනවා. ඒ සඳහා නීති ගේන්න ඕනෙ නම් ඒ ගැනත් අපි කටයුතු කරනවා.” යනුවෙනි.

[fbvideo link=”https://youtu.be/v_wAYkO9Mec?t=8″ width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන අමෙරිකානු තානාපතිනිය දැඩි කනස්සල්ල පළ කරයි

colombotoday

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

ඩෙංගු මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට..

Admin

හිතූ තරම් ආදායම නොලැබෙයි.. බදු සංශෝධන කල් යයි

colombotoday

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday