Colombo Today Local News

“අලුත් ව්‍යස්ථාවට ජනමතවිචාරණයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි“ – චම්පික

champik2332යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට ගියහොත් ඒ අනිවාර්යයෙන්ම පරාජයට පත් වන බව මහා නගර හා බස්නාහිර පළාත් ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයා පවසයි.

උතුරට වැඩි බලතල දී ඇතැයි කියමින් දකුණේ ජනතාව එය පරාජය කරනු ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, යෝජනා කර තිබෙන ඇතැම් කාරණා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමත් ජාතික හෙළ උරුමයත් පැහැදිලිවම විරුද්ධ මතයක සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ ද යම් කාරණාවලට එරෙහි වනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

එමෙන්ම ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති බැඳුම්කර ගනුදෙනුව ආදී දූෂණ චෝදනා ආදිය ද ජනමත විචාරණයක දී අවාසිදායක ලෙස බලපැවැත්විය හැකි බව ද ඔහු පවසා සිටී.

කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු යෝජනාවක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් ද වැළකී සිටී. එමෙන්ම එම මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා ජවිපෙ හෝ ජාතික හෙළ උරුමය හෝ සහභාගී වී නැති බවත් වාර්තා වේ.

කෙසේ නමුත් රණවක මහතා පවසා සිටින්නේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් පවතින ව්‍යවස්ථාව සංශෝධනයකට පමණක් තම පක්ෂය එකඟ වන බවත්ය.

එහි දී විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කර අගමැතිවරයාට බලය පැවරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය එකඟතාවක් දක්වා නොමැත.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා සිය අනුකූලතාව දක්වා ඇති අතර එය ජනමතය අනුව සිදු කරන බව පවසයි.

Related posts

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

colombotoday

යුද අපරාධකරුවන්ට දඩුවම් දෙන්න රජය ගෙනඇති පියවර ගැන ඇමරිකාවට සතුටුයි – තානාපති කියයි

colombotoday

කැලණි සරසවියේ අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6ක් අද අධිකරණයට..

Admin

IMF එකට රටෙන් යන්න කාලය එළැඹීල – හිටපු මුදල් රවී රවී කරුණානායක කියයි

colombotoday

අකිලගේ දේපල ගැන කතා කරන්න ගිය විමල්ට නඩුවක් වැටෙයි…

colombotoday

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday