Colombo Today Local News

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

t141hfgfඋතුරු මුහුදේ ට්‍රෝලර් යොදාගෙන මසුන් මරන දකුණේ ධීවරයන් නැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් ඔවු පළවාහැරීමට අවි ආයුධ අතට ගැනීමට සිදුවන බව උතුරු පළාත් ධීවර සංගම් අනතුරු අගවති.

“උතුරු පළාත් ධීවර ක්ෂේත්‍රය සදහා වන කළමනාකරණ ක්‍රියාවලියේ සමාරම්භක උත්සවය පසුගිය 8 වනදා යාවනය ටිල්කෝ හෝටලයේදී පැවති අවස්ථාවේදී ධීවර සංගම් නායකයන් මෙලෙස අනතුරු අගවා සිටියේ.

උතුරු පළාත් ධීවර කටයුතු සම්මේලනය, උතුරු පළාත් ධීවර කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවයේදී උතුරේ ධීවර සංගම් නායකයන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වලින් මෙන්ම දකුනේ ට්‍රෝලර් යාත්‍රා වලින් ද එල්ල වන බලපෑම් වැඩි වෙමින් පවතින බවට උතුරු පළාත් ධීවර අමාත්‍යාංශය දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

දකුණ සිට උතුරු මුහුදේ මසුන් මැරීම සදහා පැමිණෙන ට්‍රෝලර් යාත්‍රා සදහා නාවික හමුදාවට වඩා යුද හමුදාවේ සහයෝගය ලැබෙන බවටද එම ධීවර සංගම් එහිදී චෝදනා කර ඇත. එම අවස්ථාව සදහා උතුරු පළාත් ධීවර අමාත්‍ය පී. ඩෙනීෂ්වරන්, උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිධරන්, ජාතික ධීවර සහයෝගීතා ව්‍යපාරයේ ජාතික සංවිධායක හර්මන් කුමාර යනාදීන් සහභාගී වී ඇත.

 

Related posts

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday

“ගෝඨාභය රජ වුණොත් මා බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යයට පැන යනවා“ – නිර්මාල් රංජිත්

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

colombotoday

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

Admin

“අමුත්තන්ගේ රාත්‍රිය” නමින් හොරුන්ගේ මෙහෙයුමක්.

colombotoday

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ

colombotoday