Colombo Today Local News

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අද (26 වැනිදා)යි. සිදුහත් කුමරයාගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූයේ අද වැනි වෙසක් පොහෝ දිනකය.

එමෙන්ම වෙසක් පොහෝ දිනයේ සිදු වූ තවත් සුවිශේෂී සිද්ධීන් රැසකි.

බෝසතාණන් වහන්සේ එක් භවයක සුමේධ නම් තාපසයකුව දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, බුද්ධත්වයට පත්ව දස මසකින් කිඹුල්වත් පුරයට වැඩම කොට ඥාතීන්ගේ මාන්නය දුරු කිරීමට මෙන්ම යමක මහා පෙළහැර පෑවේද අද වැනි උතුම් පොහෝය දිනයකයි.

බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමද අද වැනි දිනක සිදු විය.

බුද්ධත්වයට පත්ව අට වසරකට පසු මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයට අනුව කැලණියට වැඩම කිරීමද වෙසක් පොහෝ දිනයක සිදු විය.

එදිනම සමන් දිව්‍ය රාජ්‍යයාගේ ඇරැයුමෙන් උන්වහන්සේ සමනල කන්දට වැඩම කර දිවා විවරණ කළහ. මේ අනුව බුදුන්වහන්සේගේ තෙවැනි ලංකාගමනය ඇතුළු මෙරට ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක්ද වෙසක් පොහොයදා සිදු විය.

රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේද අද වැනිම දිනකය. එමෙන්ම, සිරිපා වන්දනා සමය අවසන් කෙරෙන්නේද වෙසක් පොහොය දිනයේදීය.

කොරොනා වසංගතයෙන් ලොවම රෝ බියෙන් වෙලී ඇති මේ මොහොතේ නිරෝධායන නීතිවලට අනුගතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් නිවෙස්තුළට වී සම්බුදු තෙමගුල සමරමු.

Related posts

වාහන ආනයනයට කොළ එළියක්

Admin

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

colombotoday

මෙදා අයවැයෙන් බියර්, වයින් බලපත්‍ර නීති ලිහිල් කරනවා – ඇමති ජෝන්

colombotoday

එජාප නායකත්වය සමග මටත් ප්‍රශ්නයක් තියනවා – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday

ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්.. ක්‍රිකට් ආයතනය හදිසි විධායක රැස්වීමක් කැඳවයි

colombotoday