Colombo Today Local News

යුක්‍රේනයේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්..

යුක්‍රේනයේ කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස පෝලන්තය හරහා මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කළ බව, අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තුර්කි, ජෝර්ජියා සහ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර් හසන් මහතා සදහන් කරන්නේ, දේශ සීමා බලධාරීන්ට එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.

මේ අතර, යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සදහා විශේෂ දුරකතන අංක 2 ක් ක්‍රියාත්මකව පවතී.

විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඒ අනුව යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි.

ඒ අනුව, +90 534 456 94 98 හෝ +90 312 427 10 32 යන දුරකතන අංක ඔස්සේ තානාපති කාර්යාලය තොරතුරු දැනගැනීමටත්, තොරතුරු දැනුම් දීමටත් හැකි වේ.

යුක්‍රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නැයි අන්කාරාහා පිහිටි තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

Admin

ලක්ෂ 35ට වැඩි වාහන වලට ‘සුඛෝපභෝගී වාහන බදු’ නමින් අලුත් බද්දක්..!

colombotoday

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

colombotoday

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ ආසියානු කේන්ද්‍රස්ථානය වෙලා – රොයිටර් ලෝකෙටම කියයි

colombotoday

අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ.. ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථික-සමාජ උවදුරු දුරලීමෙන්

colombotoday