Colombo Today Local News

දෙදරු මව මරා සිරුරේ කොටස් පෝර මල්ලක දැමූ පුද්ගලයෙක් රිමාන්ඩ්

වත්තේගම පොලිස් බල ප‍්‍රදේශයේ පොල්ගොල්ල ආසන්නයේ පදිංචිව සිටි දෙදරු මවක කපා කොටා ඝාතනය කර මළ සිරුරු කොටස් පෝර මල්ලක දමා විසිකර සැඟවී සිටි තිස් හැවිරිදි සැකකරු ජනවාරි මස 7 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය දිසා විනිසුරු ශානක කලංසූරිය මහතා නියම කළේය.

සැකකරු පොල්ගොල්ල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඉකුත් 22 වැනිදා හතළිස්නව හැවිරිදි ප‍්‍රියංගිකා දමයන්ති නමැති කාන්තාව ඝාතනය කර ඇගේ සිරුරෙහි කොටස් පොහොර මල්ලක දමා ත‍්‍රිරෝද රථයකින් රැගෙන ගොස් සිරිමල්වත්ත ප‍්‍රදේශයේ ස්ථානයක සඟවා සැකකරු පලාගොස් සිටියදී වත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද බව වත්තේගම පොලිසිය පැවසීය.

මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්‍ෂණයක් ඇතුළු මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය තෙල්දෙණිය වැඩබලන මහෙස්ත‍්‍රාත් සරත් පේ‍්‍රමකුමාර මහතා විසින් පවත්වනු ලැබිය. මියගිය කාන්තාවගේ සිරුරු කොටස් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛදය නිලධාරි මගින් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත‍්‍රාත් සරත් පේ‍්‍රමකුමාර මහතා වත්තේගම පොලිසියට 24 වැනිදා නියෝග කළේය.

තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේරම් මහතාගේ අධීක්‍ෂණය යටතේ වත්තේගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. පාලිත ඉලංගසේකර මහතා ඇතුළු විශේෂ නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Related posts

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරයි..

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

colombotoday

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday