Colombo Today Local News

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් නාගදීප රජ මහ විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25)දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දී තිබේ.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත් වේ.

ඊට අදාළ කටයුතු සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහාතාට දැනුම් දී තිබේ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණයවීමය.

උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී නවදගල පදුමකිත්ති නාහිමි, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද නාහිමි, මල්වතු පාර්ශ්වයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්‍රහැරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.

මේ අතර කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන වාර්ෂික නවම් මහා පෙරහැර අද (26)දින පස්වරු 7.00ට විථී සංචාරය කිරීමට නියමිතය.

රට තුළ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මෙවර පෙරහැර නැරඹීම ජනතාවට සීමාකර පෙරහැර අංග ද සීමාකර ඇති බව විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් ක‍ළේය.

Related posts

පොහොර නොමති කමින් කුඹුරු අත් හැර දමන ගොවීන්

colombotoday

හිටපු ජනපති විදෙස් සංචාරයක.. තායිලන්තයේදී විහාරස්ථානයක් විවෘත කරයි

colombotoday

සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි.. ලක්ෂ 25ක් ගෙවන්න අධිකරණයෙන් තින්දුයි

colombotoday

ව්‍යවස්ථා සම්මතේට ඔලු හෝදන්න මංගලගෙන් අලුත් “සංහිදියා” නාලිකාවක් !

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කියද්දී මීගමුවේ එජාප පාක්ෂිකයෝ ජය වේවා කියා හුරේ දමති… “ඒකට ජය වේවා කියන්න එපා” රනිල් කියයි.. රනිල්ටත් හිනායයි !

colombotoday

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday