මඩකලපුව බලා ගමන් කරමින් සිටි “ශාසනාරක්ෂක සභාවේ“ පිරිස රැගත් රථ පෙළ වැලිකන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් නවතාගෙන සිටින අතර මේ වන විට එහි උණුසුම්කාරී තත්ත්වයත් ඇතිව තිබෙනවා.
පොලීසිය විසින් පොළොන්නරු – මඩකලපු ප්‍රධාන මාර්ගය අවහිර කර ඇති අතර, මාර්ගය විවෘත කරන තුරු අසල දුම්රිය මාර්ගයද එහි සිටින පිරිස විසින් අවහිරකර තිබෙනවා. මේ හේතුවෙන් දුම්රියද ඇණහිට තිබෙන දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
ජාතික සංවිධාන කිහිපයක් එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති ශාසනාරක්ෂක සභාව අද මඩකලපුව මංගලාරාමයේදී වීශේෂ වැඩසටහනකට සභාගීවීමටයි පිටත්ව ගොස් තිබුණේ.
මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනත් තබා තිබෙනවා.
[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1277166798970011/” width=”500″ height=”400″ onlyvideo=”1″]