Colombo Today Local News

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

sivil33

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලැබූ නියාමක, උප නියාමකවරුන් 400කට පමණ විශ්‍රම වැටුප් ලැබී නැති බව ඔවුන් චෝදනා කරති.

එම දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන 40,000කට ආසන්න පිරිසකට ස්ථීර සේවා තත්ත්වය ලබාදී ඇත්තේ 2015 වසරේ අප්‍රේල් මාසයේ පළමුවැනිදා සිටයි.

වසර 25කට අධික කාලයක් ග්‍රාමාරක්ෂක සේවා නිළධාරීන් ලෙස යුද සමයේ පොලිස් ස්ථානවලට අනියුක්තව දෛනික වැටුපකට සේවය කළ තමන්ට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ විශ්‍රාම වැටුප් සහිතව ස්ථීර සේවා තත්ත්වය ලැබෙන බව ලිඛිතව දැනුම් දී ඇතත් විශ්‍රාම ලබා වසර ගණනක් ගතවීමෙන් පසුවත් විශ්‍රාම වැටුප් නොලැබීමෙන් තමන් සහ තම පවුල්වල සාමාජිකයින් දැඩි අසරණභාවයකට පත්ව ඇති බව ඔවුන් කියාසිටී.

ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ තමන් පොලිස් ස්ථානවල සේවය කළ කාලයේදී අර්ථ සාධක, සුවසවිය රක්ෂණ, යහසාධක ආදියට තම වැටුපෙන් මුදල් ද අඩුකරගත් බවයි.

Related posts

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

colombotoday

ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් ගෝඨාභයට ආරක්‍ෂාව දිය යුතුයි… – එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කල ජනපති

colombotoday

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

colombotoday