අද මඩකලපුව බලා යෑමට නියමිත සිංහල බෞද්ධ ජාතික සංවිධාන කිහිපයක් එකමුතුව පිහිටුවාගත් ශාසනාරක්ෂක සභාවේ පිරිසට වැලිකන්ද නගරයෙන් එහාට යෑමට ඉඩ නොදෙන්නැයි අගමැති කාර්යාලයෙන් පොලීසියට නියෝග කර තිබෙන බව වාර්තා වනවා.
අවශ්‍ය වුවොත් අවම බලය පාව්චිච් කර පිරිස නැවත හරවා එවීමට ක්‍රියාකරන්නැයි නියෝග ලැබී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මේ අතර හබරන මින්නේරිය මාර්ගයේදී තැන් කිහිපයකදී පොලීසිය විසින් ශාසනාරක්ෂක සභාවේ පිරිස ගමන්ගත් වාහනවල අංක සටහන් කරගෙන ඇති බවද වාර්තා වන අතර මඩකලපුව නගරයේ උද්ඝෝෂණ, පෙළපාලි තහනම් කරමින් පොලීසිය විසින් උසාවි නියෝගයක්ද ලබාගෙන තිබෙන බව වාර්තා වනවා.
ස්ථාන කිහිපයක පොලිස් කැරළ මර්ධන ඒකකයේ කණ්ඩායම්ද රදවා තිබෙන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.