Colombo Today Local News

“මව්න්ට් එලිසබෙත් රෝහල වගේ තුනක් මෙහෙ හදනවා..‍ සෞඛ්‍ය සේවය සිංගප්පූරුවේ වගේ දියුණු කරනවා” – රාජිත

rajitha

සිංගප්පූරුවේ මව්ට් එලිසබෙත් රෝහලේ සත්කාර ඉතාමත් ඉහළ බවත් එවැනි රෝහල් තුනක් ලංකාවේ ඉදිකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නායකත්ව පුහුණුව සදහා වූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසහටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, සිංගප්පූරුවේ සෞඛ්‍ය ආයතනය, තමසෙක් පදනම ඒකාබද්ධව මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ කලාපීය රටවල් වලට සාපේක්‍ෂව ඉහල දර්ශක පෙන්නුම් කරන ශ‍්‍රී ලංකාවට ඵලදායී කාර්්‍යක්‍ෂම සෞඛ්‍ය සේවයක් සැපයීමේ ජාත්‍යන්තර කීර්තියක් දිනාගෙන ඇත. සිංගප්පූරුවේ සෞඛ්‍ය අංශයෙන් ලබා ගත හැකි ආදර්ශ සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම වැඩසටහන සංවිධානය කර ඇත. මෙම වැඩසටහනේ දී පුහුණු කරන ලබන පුහුණුකරුවන් ඉදිරියේ දී දිවයින පුරාම ආවරණය වන පරිදි නායකත්වය ලබා දීමට නියමිත ය.

එහිදී අදහස් දැක්වූ ඇමතිවරයා “සිංගප්පූරු රජය සහ පෞද්ගලික අංශය ලංකාවට අනාදිමත් කාලයක සිට සහයෝගය දක්වනවා. සෞඛ්‍ය සංවර්ධනය මෙන්ම මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා ද සහයෝගය ලබා දී තිබෙනවා. මමත් පසුගිය කාලයේ දී සිංගප්පූරුවේ අත්දැකීම් ලැබුවා. මට ප‍්‍රතිකාර කළේ ශ‍්‍රී ලාංකික වෛද්‍යවරයෙක් වන සිවදාසන් මහතා යි. මවුන්ට් එලිසබෙත් රෝහලේ කාර්යය මණ්ඩලය හරිම දක්‍ෂ යි. මාව බලන්න එම රෝහලට පැමිණි ජනතාවටත් හොඳට සැලකුවා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතිනවා. රෝගී ජනතාවට සැලකීම විධිමත් කළ යුතුයි. පෞද්ගලික අංශය එම කටයුත්ත මේ වන විට නියාමනය කරනවා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයේ රැුදී සිටින කාලය තුළ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වගේ අංග සම්පූර්ණ රෝහල් තුනක් ලංකාවේ ඉදි කරනවා. රුසියාවේ මොස්කව්, ඔස්ටි‍්‍රයාව, ජර්මනිය යන රටවලින් ඒ සඳහා ව්‍යාපෘති වාර්තා තුනක් ලැබී තිබෙනවා. පිලිකා රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කිරීම සඳහා ජර්මනිය විසින් නවීන රෝහලක් ලබා දීමට සූදානම්. මෙම රෝහලේ ඉදිකිරීම් සඳහා ඉඩම් ද සොයා ගෙන තිබෙනවා” යැයිද පැවසීය

Related posts

ජනපති ගැන අනාවැකි කී ජෝතිශවේදියාට “රජතුමාට එරෙහිව අපරාධ කිරීම” චෝදනා යටතේ නඩු !

colombotoday

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ‘එක් රටක් එක් නීතියක්’ සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක්.

colombotoday

පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන – නීතිඥවරයෙකු ඇතුළු 5ක් අල්ලයි

colombotoday

ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්ත

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday