උතුරු පළාතේ හමුදා කදවුරුවලින් පිටත කිසිදු ස්ථානයක බුදු පිළිම වහන්සේලා ස්ථාපිත කිරීමට පියවර නොගන්නා ලෙස තමන් එම පළාතේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට උපදෙස් දුන් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඊයේ (29) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
උතුරේ රාජකාරී කටයුතුවල නියැලී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැදුම් පිදුම් කිරීම සදහා හමුදා කදවුරු තුළ බුදු පිළිම වහන්සේලා තැන්පත් කර ඇති අතර, යුද්ධයෙන් හානියට පත් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන නටඹුන් මතද, එම ස්ථාන හදුනා ගැනීමේ සලකුණක් ලෙස බුදු පිළිම වහන්සේලා තැන්පත් කර තිබෙනවා. එමෙන්ම උතුරු පළාතේ හින්දු කෝවිල් කිහිපයක් තුළද හින්දු ජනතාවගේ වැදුම් පිදුම් සදහා ඔවුන් විසින් බුදුපිළිම වහන්සේලා ස්ථාපිත කර තිබෙනවා.
කෙසේ වෙතත් උතුරු පළාතේ ස්ථාපිත කර ඇති බුදු පිළිම ඉවත් කරන ලෙසට පසුගිය සමයේ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් විසින් දිගින් දිගටම බලපෑම් කරනු ලැබූ අතර පසුගියදා ඒ පිළිබදව යෝජනාවක්ද පළාත් සභාවේ සම්මතකරගෙන තිබුණා.