Colombo Today Local News

සිංහලයන් බේදභින්න කරන කුමන්ත්‍රණයක්.. මංගල සමරවීර පිටුසින් ! (Video)

gobels121ලංකාවේ පළාත් කිහිපයක ව්‍යවහාර කරන භාෂාව සම්බන්ධයෙන් උසුළු විසුළු කරමින් ෆේස්බුක් ඔස්සේ මේ දිනවල සංසරණය වන පලකරීම් සහ ඒවාට දක්වා තිබෙන ප්‍රතිචාර හරහා ඇතිව තිබෙන ගැටුම, සිංහලයා බේදභින්න කිරීම සදහා ඇටවූ උගුලක් බවත්, එය මෙහෙයවන්නේ ඇමති මංගල සමරවීරගේ මූලිකත්වයෙන් බවත් පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් ජිනානන්ද හිමියන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ අදහස් දක්වා තිබෙනවා (වීඩියෝව පහතින්)

[fbvideo link=”https://www.facebook.com/venjinananda.thero/videos/1742350499421507/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

ව්‍යවහාරය පදනම් කරගෙන පළාත් වශයෙන් බෙදී ගහමරා ගැනීම, වාග් ප්‍රහාර එල්ල කිරීම හිටි අඩියේ වාගේ අන්තර්ජාලයෙන් මතුවිය. මේ පිළිබඳ විපරම් කර බැලීමි. තොරතුරු ලැබුණු ආකාරයට මේ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ මංගල ඇතුළු හොර එන්.ජී.ඕ. නඩය යි. දකුණේ එකාලා අරහෙම යි, මෙහෙම යි යනාදි වශයෙන් දකුණේ වැසියන් කෙරෙහි පිළිකුලක්, හීනමානයක් දැනවීමත්, සිංහලයන්ගේ එකමුතුකම බිඳ හෙළීමත්, ඒ හරහා ඒකීය රාජ්‍ය සංකල්පය පිළිබඳ ජාතික මතය දුර්මුඛ කිරීමත් මෙවැනි කූට ප්‍රයෝගයන්හි අරමුණ වී තිබේ. උපභාෂා හා උපභාෂා කලාප සිංහල බසට ආවේණික වූ විශේෂ වැදගත්කමකින් යුතු වූවකි. ඒ අනුව රුහුණට, උඩරටට, දිගාමඬුල්ලට, හත්කෝරළේට, සබරගමුවට, නුවරකලාවියට අනන්‍ය වූ උපභාෂා ව්‍යවහාර වේ. ඊට අමතර ව පරිමිත භාෂා වශයෙන් ගැනෙන කමත් භාෂාව, ධීවර භාෂාව, හේන් භාෂාව, පතල් භාෂාව, ශ්‍රී පාද වන්දනාව ආශ්‍රිත භාෂාව වගේ ම වැදි භාෂාව යනාදි මේ භාෂා ව්‍යවහාර ද සිංහලයට ම ආවේණික සුවිශේෂී වැදගත්කමකින් යුතු වූයේ වෙයි. සිංහලය මනරම් බසක් බවට පත් වූයේ ම මෙවැනි විවිධතා හේතුයෙනි. සාමාන්‍යයෙන් වෙනත් භාෂාවකට නො මැති, එහෙත් අපේ භාෂාවට හිමි මේ උරුමයේ වටිනා අගයන් අප විසින් වටහා ගත යුතු ව ඇත. අප කළ යුතු වන්නේ ඒ පිළිබඳ සමාජයට වැඩියෙන් ඉගැන්වීම විනා ව්‍යවහාරය පදනම් කරගෙන එකිනෙකා පහත් කිරීම හෝ හෙළා දැකීම නො වේ. එබැවින් මංගලලාගේ මේ තක්කඩි ක්‍රියාකාරම් ෆෙඩරල් යෝජනාවලියේ ම තවත් එක් පැතිකඩක් පමණක් ම බව සෑම සිංහලයෙකු ම සිත් සේ ධාරණය කරගත යුතු ව ඇත.

පංචන ජයසිංහ (FB)

Related posts

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday

කොරෝනා එන්නත මෙරටදීම නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

දවස් 4කින් 113 පෙන්වනවා… පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් එක ආපසු කැදවනවා..

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

Admin