ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම සහ තවත් කරුණු කිහිපයකට රුපියල් 79 කෝටි පහළොස් ලක්ෂයක මුදලක් අනුමත කරන්නැයි ඉල්ලා සභානායක ඇමති ලක්ෂමන් කිරිඇල්ල විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු 28 දෙනෙකුට මෙසේ වාහන මිලදී ගැනීමට මුදල් අනුමැතිය ඉල්ලා ඇත.
කැබිනට් ඇමතිවරුන් 07 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ විපක්ෂ නායකවරයාද මෙම පිරිසට ඇතුලත්ය.