Colombo Today Local News

“කොටි මහවිරු දිනය“ මහ ඉහළින් සමරන්න සූදානම්… යාපනේ පුරා පොස්ටර් !

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනයට සුබ පතා යාපනය ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා තිබෙන බව වාර්තා වනවා. මියගිය කොටින් සමරණ “මහවිරු දිනය“ නිමිත්තෙන් “යාපනය විශ්ව විද්‍යාල භූමියේද පොස්ටර් අලවා තිබෙන බව පැවසෙනවා.

පළාතේ ස්ථාන කිහිපයකදීම , මහවිරු දිනය සමරමින් විශේෂ සැමරුම් උත්සව සංවිධානය වෙමින් පවතී . යුද සමයේ මියගිය එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති ස්ථානයක මෙම කටයුතු සිදු කිරීමට සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

මේ අතර මියගිය කොටින් සමරා උත්සව පැවැත්වීම රජය විසින් තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රි එම් .කේ සිවාජලිංගම් පැවසුවේ කුමන ආකාරයේ තහංචි පැනවීම් සිදු කලත් , ලබන 27 වනදා , යාපනයේදී මහ විරු දිනය සමරන බවයි.

Related posts

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා අවසන්

colombotoday

රඹුක්කන OIC, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරු..

colombotoday

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

colombotoday