මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර ඇමතිවරයා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ තමන් එම කොමිසමට ලිපියක් යොමු කරමමින් අදාල පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස දන්වා සිටි බවයි. මෙම පැමිණිල්ල අසත්‍ය යයි ඔප්පු වුවහොත් පැමිණිලිකාර ඒකාබද්ද විපක්ෂ මන්ත්රීනට එරෙහිව පියවර ගන්නා ලෙසද තමන් ඉන් ඉල්ලා සිටි බව ඇමතිවරයා කියා සිටියේය.
එම මාධ්‍ය හමුවට එක් වූ මහපොල අරමුදලේ උපදේශක වික්‍රම එදිරිසූරිය මහතා ‘මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ල දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා’ යයි හැගුම්බර වී කියා සිටියේය.