Colombo Today Local News

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

232653hhආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආබාධිත හමුදා සෙබළුන්ට විශ්‍රාම වැටුප් ලබාදෙන බවට ලිඛිතව පොරොන්දු වුවද මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවල ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඒ අනුව නැවතත් ආබාධිත සෙබළුන් රැවටීමට ලක්කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

ආබාධිත සෙබලුන් සතියකටත් වැඩි කාලයක් මහමග විරෝධතා දක්වමින් විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ආරක්ෂක ලේකම්වරයා ලබන පෙබරවාරි මාසයේ සිට විශ්‍රාම වැටුප් ලබාදෙන බව ලිඛිතව පොරොන්දු වූ අතර මාධ්‍ය ඉදිරියේදීද ඔහු එය ප්‍රකාශ කළ බවයි අජිත් ප්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ. ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ සිට විශ්‍රාම වැටුප් ලබාදෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

පෞද්ගලික ආරවුලකට පියා ගේ මෝටර් රථය පුතා හප්පයි

Admin

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

colombotoday

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

colombotoday

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday

ජනපතිගෙන් කුණු බැණුම්.. ශිරාල් බුකියේ “සිත නිවන කතා“ ලියයි…

colombotoday

විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කල මුස්ලිම් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday