ISIS සංවිධානයට ශ්‍රී ලාංකිකයන් බැදී ඇති බවට ඇමති විජේදාර රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ඔහුගේ පුද්ගලික ප්‍රකාශයක් මිස රජයේ මතය නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
එවැනි සංවිධානයකට ලංකාවෙන් පිරිසි බැදී ඇති බවට හෝ මෙරට ක්‍රියාත්මක වන බවට වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා පවසයි.
මෙරට මුස්ලිම් සමාජය තුළ අන්තවාදයක් නොමැති බවත්, මුස්ලිම් ජනතාව සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරන තමන් ඒ පිළිබදව හොදටම දන්නා බවත් ඇමතිවරයා කියයි.