ඇමරිකාව ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමා පනවා තිබේ.
මෙරට පවතින COVID-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව ඊයේ සිට අදාල උපදේශන මාලාවන් නිකුත් කළේ ය.
අමෙරිකාව ශ්‍රී ලංකාවට නිකුත් කර ඇත්තේ 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයකි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්නැයි, අමෙරිකාව එරට සංචාරකයන්ට දැනුම් දී තිබේ.