Colombo Today Local News

ශාසනාරක්ෂක සභාව පාර්ලිමේන්තුවට.. බුද්ධ ශාසන ඇමති හමුවී සාකච්ඡා (Video)

256232සිංහල බෞද්ධ ජාතික සංවිධාන කිහිපයක් එකමුතුව පිහිටුවාගෙන ඇති ශාසනාරක්ෂක සභාවේ නියෝජිතයන් හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (22) පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පැවැත්විණි.

‘ජාතින් අතර පවතින සුහදතාවය ගැන එක් එක් පාර්ශව චෝදනා කරගනිමින් හැම ජනවර්ගයකම සිත්වල ආතතියක් ඇතිවී තිබෙනවා. ඔවුනොවුන් කෙරෙහි සැකසංකා ඇතිකරගෙන තිබෙනවා. එවැනි වටපිටාවක බුද්ධ ශාසන ඇමැති පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා රටේ මොන අන්තවාදයක් ඇතිවුණත් එය පරාජය කිරීමට නීති අන පණත් ගෙන එන බව. හාමුදුරුවරු කිහිප දෙනෙක් කටයුතු කරන ආකාරය ගැනත් කිව්වා. ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ විරෝධය පළ කළා. අපි සතුටුවෙනවා අපේ බුද්ධ ශාසන ඇමැතිවරයා අපට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කරගැනීමට අවස්ථාව දීම ගැන. ඉතාම හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැමදාම ප්‍රශ්න ගැන කියනවා අහන කෙනෙක් නෑ. මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේ යැයි අපි සංවාදය ගැන විශ්වාසය තියනවා.‘ යැයි සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

‘ආගමික වෙනස්කම් මත නොයෙක් කණ්ඩායම් ඇති කළ මතවාද නිසා එහි ප්‍රතිඵලය භයානක විය හැකියි. ඒ ගැන මම අවධානය යොමු කළා. රටක ඕනෑම ප්‍රශ්නයක් සාමයෙන් සමගියෙන් සාකච්ඡාවෙන් විසඳාගැනීමේ හැකියාව තිබෙනවා. සියලු පාර්ශව එකට එකතු කර ප්‍රමුඛතාවය හඳුනාගෙන ඒවා සමගියෙන් විසඳාගැනීමේ හොඳ පරිසරයක් නිර්මාණය වී තිබෙනවා‘ යැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී කීවේය.

15174418_10208259094821554_1184596474_n

Related posts

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

අලි සබ්‍රිගේ කීර්ති නාමයට හානි වුනාලු. | රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්.

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අංගොඩ ලොක්කාගේ උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස නියෝග කරයි

colombotoday