අලුත් අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට මේවනවිට සාකච්ඡා ආරම්භවී ඇතිබව දේශපාලනයේ තිරය පිටුපස කතාබහට ලක්වෙමින් පවතී. මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයෙන් පසුව දෙසැම්බරයේදී යම් තීරණාත්මක දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බවටද අදහස් ඵලවෙමින් පවතී.
මේ සම්බංධයෙන් ඉඟියක් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පැවැති ජනහමුවක් අමතමින් අනුරාධපුර දිස්ත්රික් පාර්ළිමේන්තු මන්ත්රී ශෙහාන් සේමසිංහ මන්ත්රීවරයා විසින් සිදුකර තිබිණ. මේ වන විටත් ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් මේ සාකච්චා සමග සම්බන්ද වී සිටින බවත් නියමිත වේලාව පැමිණි වහාම එම පිරිස සුදුසු පියවර ගනු ඇතැයිද ඔහු එහිදී සදහන් කළේය.