Colombo Today Local News

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

mj-kmgමේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාට එරෙහිව ‘යුද හමුදා පනත‘ යටතේ කටයුතු කළ හැකිදැයි සොයා බලා ජනාධිපතිවරයා වෙත වහාම වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික පනත අනුව යමින් මේරජ් ජනරාල්වලරයාට එරෙහිව පැමිණිළි ගොණු කර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙසද එමගින් දැනුම් දී ඇත.

උතුරේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කමල් ගුණරත්න මහතා ගාල්ලේදී කළ ප්‍රකාශය සහ හමුදා සේවයෙන් විශ්‍රාමගත් පසු කළ ප්‍රකාශ මගින් ජාතිවාදය ඇවිස්සීමට උත්සහා කරන බවට දෙමළ ඩයස්පොරා හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් චෝදනා කර තිබිණි.

මේජර් ජනරල් කමල් ගුණරත්න මහතා විසින් ලියා පලකල “රණමග ඔස්සේ නන්දිකඩාල්“ ග්‍රන්ථය අභියෝගයට ලක් කරමින් හිටපු හමුදාපති ඇමති සරත් ෆොන්සේකා මහතා විසින් චෝදනා කිහිපයක් එල්ල කර තිබිණි.

යුද හමුදා පනත

ශ්‍රී ලංකා යුද හමුදාව පාලනය වන්නේ 1949 අංක 17 දරණ “යුද හමුදා පනත“ මගිනි. සාමාන්‍ය සිවිල් පුරවැසියකු යටත් වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සිවිල් නීතියට පමණයි. නමුත් හමුදා සාමාජිකයන් හමුදා නීතිය සහ සිවිල් නීතිය කියන දෙකටම යටත්වේ.

යුද හමුදා පනත හමුදා සක්‍රිය සේවයේ සියලු දෙනාටම මෙන්ම, හමුදාවෙන් විශ්‍රාම ගිය යුධ හමුදා නිලධාරීන්ට ද විශ්‍රාම ගොස් මාස 6ක් යන තෙක් මෙම පනත බලපැවැත්වෙන බව පැවසේ. 2010 ජනාධිපතිවරණය කැඳවු අවස්ථාවේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන පොදු අපේක්ෂකයා ලෙස තරඟ කල හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා, ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම පනත යටතේය.

 

Related posts

වැඩි කල සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

සහරාන් හෂීම් සහ යහපාලන රජයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර තිබු සාකච්ඡාවක වීඩියෝවක්

colombotoday

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

ඇමති මාරුව විද්‍යාත්මක පදනමකින් කරන්න යයි… සමෘද්ධි, කම්කරු එජාපයට

colombotoday

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

COVID-19 කුවේට් දේශයත් සලිත කරයි… වයිරසය ආසාදිතයන් තිදෙනෙක් හමුවෙයි !

colombotoday