Colombo Today Local News

රෝහලෙන් හමු වූ අත්බෝම්බය හදන්න සහය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිලියක් තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ (24)දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු හෙළිකර තිබූ තොරතුරු අනුවය.

එලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු එම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුට බෝම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී එලෙස අත්බෝම්බයක් සොයා ගැනුණේ පසුගිය 14 වනදාය.

Related posts

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

colombotoday

19 වැනිදා සිට කතරගම සියලු පාසල් වැසේ…

Admin

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday