Colombo Today Sports News

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

ජපානයේ යමගටා හි පැවති ‘ ඕල් ජැපෑන් සීනියර් ඇන්ඞ් මාස්ටර්ස් ජිම්නාස්ටික්ස්’ ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකා මිලිකා ගෙහානිද සිල්වා නියෝජනය කළ කණ්ඩායම ඊයේ (24)දින සමත් වී ඇත.

මිල්කා මෙම තරග ඉසව්ව සඳහා තවත් කී‍්‍රඩිකාවන් 5 දෙනෙක් සමග ඉදිරිපත් වී ඇත.

මිලිකා ගෙහානි ද සිල්වා ශිෂ්‍යත්වයක් මත මේ වන විට ජපානයේ නේවාසිකව පුහුණුවීම් හදාරමින් සිටින්නීය.

ජිම්නාස්ටික් කී‍්‍රඩා ඉසව්වකින් ඔලිම්පික් වරම් ලද පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාව ලෙස මිලිකා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූවාය.

2019 වසරේ ලෝක ශූරතා තරගාවලියට ද මිල්කා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූවාය.

Related posts

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක සටන අද

Admin