Colombo Today Local News

යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ටත් දෙන්න තීරණයක් !

ranaviruයුද ක්‍රියාන්විතයේදී මියගිය රණවිරුවන්ට වසර 55ක් සම්පූර්ණවීමෙන් පසු ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ට එම රණවිරුවාට හිමි විශ්‍රාම වැටුප ලබාදීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගිය 17 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මියගිය රණවිරුවාට වයස අවුරුදු 55 වනතුරු ඔහුගේ වැටුප බිරිඳට ලැබෙන නමුත් ඉන් පසුව විශ්‍රාම වැටුපක් නොලැබෙන අතර, ආබාධිත රණවිරුවන්ට වසර 55න් පසු විශ්‍රාම වැටුප ලබාදීමට රජය ගත් තීරණයෙන් පසු යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන් ද එම ඉල්ලීම කර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය ඔවුන්ට ද ඉදිරියේදී සුබවාදී විසඳුමක් ලැබෙනු ඇතැයි කියාසිටියාය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයි ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.

Related posts

“වීරවංශ රණවිරුවන් පාවා දුන්නා.. නීතිමය පියවර ගන්නවා“ ඇමති විජයදාස

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා හඳුනාගනී

Admin

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් CEYPETCO අංක එකට – මාස 4ක් තුළ බිලියන 628ක පාඩුවක්

colombotoday

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday